අසෝක උත්ප්‍රේරණ

ගරු විදුහල්පතිතුමන් ගේ උපදෙස් පරිදි අප පාසලේ නව දහවන ශ්රේණියේ සිසුන් සඳහා “අසෝක උත්ප්රේරණ” වැඩසටහනක් පෙබරවාරි මස 29 වන දින සිට මාර්තු මස 6 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සිදුකර ඇති අතර ඒ සඳහා අවශ්යය මූල්යමය අනුග්රාහකත්වය ආසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් අද (29) දින ලබා දෙන ලදී.

වෝටර්ස් එජ් අක්කර 4ක් අසෝක විද්‍යාලයට

මෙතෙක් අසෝක විද්යාලයීය ක්රීඩා පිටිය ලෙස භාවිතා කල අක්කර 4 කට ආසන්න “වෝටර්ස් එජ්” භූමි ප්රමාණය ඊයේ (26) දින නිල වශයෙන් අසෝක විද්යාලයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.
මේ කර්තව්යය සාර්ථක කර ගැනීම සඳහා පසු ගිය මාස කිහිපය තුල අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයත් , විදුහල්පතිතුමන් ඇතුලු කළමණාකරණ මණ්ඩලයත් , අසෝක විද්යාලයීය පාසල් සංවර්ධන කමිටුවත්, ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග අමාත්යතුමන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලය සමග විවිධ අවස්ථාවන් හීදී සාකච්ඡා වට කිහිපයක් පවත් වන ලදී.
එහි ප්රතිඵලයක් ලෙස අසෝක විද්යාලය පරිහරණය කරන ලද එම “වෝටර්ස් එජ්” භූමි භාගය අද දින අප විද්යාලයට නිල වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබිණ.
තවද එම ක්රීඩා පිටිය විද්යාලයේ ක්රිකට් සහ රගර් ක්රිඩාවට උචිත ආකාරයට අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් ක්රීඩා පිටියක් ලෙස වැඩි දියුණු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවේ.
එම සාකච්ඡා වට අතර වාරයේදී ගත් ජායාරූප පහතින් දැක්වේ.
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny

Annual General Meeting of the Asoka Vidyalaya Old Boys Association- 2024

සිහි කැඳවීමයි!
අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ සියලු සාමාජිකයින් වෙතයි,
අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු මස 3 වන ඉරු දින පස්වරු 3.00 ට විද්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
ඒ සදහා ආදි ශිෂ්ය සංගමයේ සියලු සමාජිකයන් වෙත ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
කිත්සිරි ජයසුන්දර,
සම ලේකම්
අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය
——————————————————————————
Kind Reminder!
To all members of the Asoka Vidyalaya Old Boys Association,
We are pleased to inform you that all arrangements have been finalized for the, scheduled to take place on March 3rd, 2024, at 3:00 p.m. on wards in the college auditorium.
We extend a respectful invitation to all members of the Old Boys Association to attend this meeting.
Kithsiri Jayasundara
Joint Secretary
Asoka Vidyalaya Old Boys Association

Donation for Chess team

අසෝක විද්යාලයේ වයස අවුරුදු 17 න් පහළ චෙස් කණ්ඩායම සමස්ත ලංකා පාසල් චෙස් කණ්ඩායම් තරගාවලියේදී සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගනිමින්, අප පාසලේ මෙතෙක් චෙස් ක්රීඩාවෙන් විද්යාලය ලැබූ විශිෂ්ටතම ජයග්රහණය ලබාගෙන ඇති බැවින්, එම සාමාජිකයන් හත් දෙනා සහ පුහුණුකරු ඇගයීම සඳහා අසෝක විද්යාලයේ ආදි ශිෂ්ය සංගමය මගින් මූල්යමය අනුග්රහකත්වය ලබා දුන් අවස්ථාව.

Donation for Scout Association

22 වන පෝතක බාල දක්ෂ සංගමය මගින් පවත්වනු ලබන 10 වන ජාතික ජම්බෝරි පෝතක දිනය 2024 පෙබරවාරි මස 21,22 සහ 23 යන තෙදින තුල ත්රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප පාසලේ සිසුන් 28 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මේ සඳහා සමස්ත ඇස්‌තමේන්තු ගත වියදමින් ආහාර පාන සඳහා රුපියල් 100,000 ක මූල්ය අනුග්රාහකත්වයක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අද දින (පෙබරවාරී 9) ලබා දෙන ලදී.

Donation of a valuable stationary pack

50 වසර සපුරන අසෝක මාතාව අභිමානයෙන් සැරසූ අපේ අසෝකීය ශිෂ්යත්ව හපනුන් වෙත වටිනා පාසැල් උපකරණ කට්ටලයක් ලබාදීමෙන් සහය දැක්වූ ආදි අසෝකීය 98 කණ්ඩායමටත්, ආදි අසෝකීය 2003 කණ්ඩායමටත් අසෝක විද්යාලයීය ප්රධාන අදි ශිෂ්ය සංගමය සිය ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද කර සිටිමු!.
The Asoka Vidyalaya Old Boys Association expresses heartfelt gratitude to the OBA 98 Batch and OBA 2003 Batch for their generous donation of a valuable stationary pack. This thoughtful contribution has been provided to all students who successfully passed the Grade 5 Scholarship Exams in 2023. Your support greatly enhances the educational experience of these young achievers, and we sincerely appreciate your commitment to fostering academic success within our school community.

Donation for eastern band

අසෝක විද්යාලයයීය පෙරදිග සංගීත අංශය ආදි අසෝකීය 97 කණ්ඩායමෙන් කළ ඉල්ලීමකට අනුව පෙරදිග තූර්යවාදක කණ්ඩායමට අවශ්ය සංගීත භාණ්ඩ (බටනලා 10 ක්, පිත්තල වලින් සකස් කළ අගල් 32 පළල බේස්ඩ්රම් 2 ක්, බීටර් 2ක් සහ බද පටි, Paiste (Made in Germany) වර්ගයේ සිම්බල් යුගල 2ක්) පාසල වෙත නිල වශයෙන් භාරදීම දෙසැම්බර් මස 8 වෙනි දින විදුහල්පතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී.