මෙතෙක් අසෝක විද්යාලයීය ක්රීඩා පිටිය ලෙස භාවිතා කල අක්කර 4 කට ආසන්න “වෝටර්ස් එජ්” භූමි ප්රමාණය ඊයේ (26) දින නිල වශයෙන් අසෝක විද්යාලයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.
මේ කර්තව්යය සාර්ථක කර ගැනීම සඳහා පසු ගිය මාස කිහිපය තුල අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයත් , විදුහල්පතිතුමන් ඇතුලු කළමණාකරණ මණ්ඩලයත් , අසෝක විද්යාලයීය පාසල් සංවර්ධන කමිටුවත්, ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග අමාත්යතුමන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලය සමග විවිධ අවස්ථාවන් හීදී සාකච්ඡා වට කිහිපයක් පවත් වන ලදී.
එහි ප්රතිඵලයක් ලෙස අසෝක විද්යාලය පරිහරණය කරන ලද එම “වෝටර්ස් එජ්” භූමි භාගය අද දින අප විද්යාලයට නිල වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබිණ.
තවද එම ක්රීඩා පිටිය විද්යාලයේ ක්රිකට් සහ රගර් ක්රිඩාවට උචිත ආකාරයට අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් ක්රීඩා පිටියක් ලෙස වැඩි දියුණු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවේ.
එම සාකච්ඡා වට අතර වාරයේදී ගත් ජායාරූප පහතින් දැක්වේ.
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny

Explore More

Battle of Rath Ran 2023

අසෝක විද්‍යාලය ලකුණු 2 කින් ජය ලබයි. Asoka College won by 2 runs… For more details click here.

වාර්ෂික පිරිත් පිංකම සහ පසුදා (29) උදෑසන දානමය පිංකම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය

අද දින (මාර්තු 28) පැවැත්විමට නියමිත වාර්ෂික පිරිත් පිංකම සහ පසුදා (29) උදෑසන දානමය පිංකම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් ලබා දුන් අවස්ථාව.

අසෝක උත්ප්‍රේරණය 2023

සිව් වෙනි වතාවටත් අසෝකීය 10 වසර සොයුරන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔවදන් ලබා දීම උදෙසා, අසෝකීය 2005 කණ්ඩායමේ Srihan Ariyasinghe සොයුර ඔබට, ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය