Donation for Scout Association

22 වන පෝතක බාල දක්ෂ සංගමය මගින් පවත්වනු ලබන 10 වන ජාතික ජම්බෝරි පෝතක දිනය 2024 පෙබරවාරි මස 21,22 සහ 23 යන තෙදින තුල ත්රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප පාසලේ සිසුන් 28 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මේ සඳහා සමස්ත ඇස්‌තමේන්තු ගත වියදමින් ආහාර පාන සඳහා රුපියල් 100,000 ක මූල්ය අනුග්රාහකත්වයක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අද දින (පෙබරවාරී 9) ලබා දෙන ලදී.