මෙතෙක් අසෝක විද්‍යාලයීය ක්‍රීඩා පිටිය ලෙස භාවිතා කල අක්කර 4 කට ආසන්න “වෝටර්ස් එජ්” භූමි ප්‍රමාණය ඊයේ (26) දින නිල වශයෙන් අසෝක විද්‍යාලයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.
මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා පසු ගිය මාස කිහිපය තුල අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයත් , විදුහල්පතිතුමන් ඇතුලු කළමණාකරණ මණ්ඩලයත් , අසෝක විද්‍යාලයීය පාසල් සංවර්ධන කමිටුවත්, ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලය සමග විවිධ අවස්ථාවන් හීදී සාකච්ඡා වට කිහිපයක් පවත් වන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස අසෝක විද්‍යාලය පරිහරණය කරන ලද එම “වෝටර්ස් එජ්” භූමි භාගය අද දින අප විද්‍යාලයට නිල වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබිණ.
තවද එම ක්‍රීඩා පිටිය විද්‍යාලයේ ක්‍රිකට් සහ රගර් ක්‍රිඩාවට උචිත ආකාරයට අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩා පිටියක් ලෙස වැඩි දියුණු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවේ.
එම සාකච්ඡා වට අතර වාරයේදී ගත් ජායාරූප පහතින් දැක්වේ.
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny

Explore More

Annual General Meeting of the Asoka Vidyalaya Old Boys Association- 2024

සිහි කැඳවීමයි! අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සියලු සාමාජිකයින් වෙතයි, අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු මස 3 වන ඉරු දින පස්වරු 3.00 ට විද්‍යාලයීය

Ssponsorship for the U 19 Division II ODI Tournament

Asoka Vidyalaya Old Boys Association had given sponsorship for the U 19 Division II ODI Tournament Semi Finals between Asoka College Colombo and Kingswood College Kandy which will be held

Asoka OBA proudly sponsored the *Annual Sport Meet 2024*

Asoka Vidyalaya Old Boys’ Association proudly sponsored the *Annual Sport Meet 2024* which will be held tomorrow (10th April) at the Sugathadasa Stadium. —————————————————————————————————————————————– අසෝක විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024