අසෝක විද්යාලයේ 10 ශ්රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්රීසියේ පැවැත්වෙන ජාත්යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් වැය වෙන අතර එම මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයත්, 2007 ආදි ශිෂ්ය අනු කණ්ඩායමත් එක්ව අද දිනයේ දී ලබා දුන් අතර, ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම දරුවා සහභාගි වීම අප පාසලට අභිමානයක් වන බැවින් අදාල තරඟ සංචාරය සදහා ඔබගේ දායකත්වයද ලබාදීමට අප සංගමය හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (වැඩි විස්තර සඳහා සම ලේකම් කිත්සිරි ජයසුන්දර සොහොයුරා අමතන්න 0714160249)

Explore More

Donation for eastern band

අසෝක විද්‍යාලයයීය පෙරදිග සංගීත අංශය ආදි අසෝකීය 97 කණ්ඩායමෙන් කළ ඉල්ලීමකට අනුව පෙරදිග තූර්යවාදක කණ්ඩායමට අවශ්‍ය සංගීත භාණ්ඩ (බටනලා 10 ක්, පිත්තල වලින් සකස් කළ අගල් 32 පළල බේස්ඩ්‍රම් 2

Smart Board Donation

අසෝක විද්‍යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්‍යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්‍යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව